වසර 100කට පසු: ජපානයේ රජ පවුලේ සාමාජිකාවක් රුසියාවේ සංචාරයක | දිනමිණ

වසර 100කට පසු: ජපානයේ රජ පවුලේ සාමාජිකාවක් රුසියාවේ සංචාරයක

වසර 100කටත් වැඩි කාලයකට පසු ජපානයේ රජ පවුලේ සාමාජිකාවක් රුසියාවේ සංචාරයක නිරත වෙයි. ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ජපන් පාපන්දු කණ්ඩායම සහභාගි වන තරග නැරඹීම සඳහාය. මෙසේ රුසියාවට පැමිණි ජපන් රජ පවුලේ සාමාජිකාව වන්නේ තකමදෝ කුමරියයි. වාර්තා වන අන්දමට ජපන් රාජකීය පවුලේ සාමාජිකයකු රුසියාවේ සංචාරයක යෙදෙන්නේ අවසන් වරට ජපන් ‍රාජකීය සාමාජිකයකු රුසියාවට පැමිණ ඇත්තේ 1916 දීය.

තම රටේ ජාතික පාපන්දු කණ්ඩායමට සහාය දක්වමින් ඇය සරන්ස්ක්හි මෝර්ඩොවියා එරීනාහි පැවැති ජපාන- කෙලොම්බියා අතර තරගය නැරඹූ අතර එහිදී 2-1ක් ලෙස කොලොම්බියාව පරාජය කරමින් ජපානය ජය ගනු ලැබීය. ජූනි 26 දක්වා රුසියාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බව තකමදෝ කුමරිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සෙනගලය සහ පෝලන්තයට එරෙහි තරග නැරඹීමට සැලසුම් කර ඇති බව පවසයි.

මොස්කව් සහ ටෝකියෝව අතර සබඳතා එක්සත් ජනපද මිසයිල පද්ධතිය හේතුවෙන් මේ වන විට දුර්වල තත්ත්වයේ පවතින අතර ජපානයේ උතුරු ප්‍රදේශයේ දූපත් සමූහයකට යුද ගුවන්යානා යෙදවීමට මොස්කව් පියවර ගෙන තිබේ.

 

නව අදහස දක්වන්න