කැනඩාව ගංජා නීතිගත කරයි | දිනමිණ

කැනඩාව ගංජා නීතිගත කරයි

ගංජා භාවිත කිරීම නීතිගත කිරීමට කැනඩා පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබේ.
 
එරට සෙනෙට් සභාවේ දී මෙම ඓතිහාසික පනත 52ට 29ක් ලෙසින් සම්මත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව ගංජා භාවිත කිරීම නීතිගත කෙරෙන දෙවන රට කැනඩාව බවට පත් වේ.
 
මීට පෙර උරුගුවේ රාජ්‍යය ගංජා භාවිතය නීතිගත කර තිබුණි.
 
ගංජා භාවිත කිරීම, බෙදාහැරීම සහ විකිනීම මෙම පනත මගින් පාලනය සහ නියාමනය වනු ඇත. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ සිට කැනේඩියානු ජාතිකයන්ට ගංජා නිත්‍යානුකූලව මිළදී ගැනීමට සහ පරිභෝජනය කිරීමට හැකි වනු ඇත.
 
සම්මතකර ගත් පනතට මෙම සතිය තුළදී රාජකීය අනුමැතිය හිමිවේ. ඉන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා නිල දිනයක් රජය විසින් ප්‍රකාශ කෙරේ.

නව අදහස දක්වන්න