අංජන ගමගේ මහානාමය දිනවයි | දිනමිණ

අංජන ගමගේ මහානාමය දිනවයි

අංජන ගමගේ දැක්වූ සුපිරි පන්දු යැවීම හේතුවෙන් අන්තර් පාසල් අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි කාණ්ඩයේ සිය පළමු තරගයේදීම පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහල් ‘ඒ‘ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කොළඹ මහනාම විදුහල් ‘සී‘ පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ක්‍රිස්තුරාජ විදුහල් පිලේ පළමු ඉනිම ඕවර 34.1කදි ලකුණු 82කට සීමා කරමින් කඩුලු 7ක් දවාලු අංජන ගමගේ දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් බිඳ දමා තරගය පුරා කඩුලු 10ක් සම්පූර්ණ කිරීමට සමත්විය.

ක්‍රිස්තුරාජ පළමු ඉනිම - 82 (ඕවර 34.1) (අංජන ගමගේ 32/7, අදීෂ හිමාත් 10/3) සහ දෙවැනි ඉනිම - 67/8 (ඕවර 23.3) අංජන ගමගේ 32/3, සෙනුත් ප්‍රනාන්දු 7/2යි.

මහනාම පළමු ඉනිම - 102/9 (ඕවර 31)

නව අදහස දක්වන්න