චන්දිමාල්ගේ අභියාචනය විභගයට ගැනීම අද | දිනමිණ

චන්දිමාල්ගේ අභියාචනය විභගයට ගැනීම අද

 ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් විසින් ඉදිරිපත් කළ අභියාචනය, විභාගය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනය කමිටුවේ සභාපති මයිකල් බෙලෝෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වීමට නියමිතය.

තමා වරදකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව දිනේෂ් චන්දිමාල් විසින් ඊයේ (21) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී තිබූ චෝදනාවලට ඔහුව වැරදිකරු බවට නම් කර තිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියේ, චන්දිමාල්ට එක් තරගයක තහනමක් පැනවීමට සහ දෙවන ටෙස්ට් තරගයේ තරග මුදල සියයට සියයක දඩ මුදලක් ලෙස නියම කිරීමට තීරණය කර ඇත.

අදාළ තරගයේ දී දිනේෂ් චන්දිමාල් තම සාක්කුවෙන් යම් දෙයක් ගෙන මුවෙහි දමා ගෙන ඉන් අනතුරුව එහි සාරය ගෙන පන්දුව පිරිමදින ආකාරය රූපවාහිනී කැමරාවල සටහන්ව තිබූ අතර එම රූපරාමු පදනම් කරගනිමින් චන්දිමාල්ට පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට චෝදනා ගොනු කර තිබුණි.

නව අදහස දක්වන්න