පාරක් ද? මේ නැතිනම් මඩ වළක්ද? | දිනමිණ

පාරක් ද? මේ නැතිනම් මඩ වළක්ද?

නාවලපිටිය ආසනයේ ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වැටකේදෙණිය මැදගොඩ හන්දිය මාර්ගයේ ගල්කඩුව හන්දියේ සිට යටපාන කොළදිවියාහෙළ මාර්ගය එය ගල්කඩුව හන්දියේ සිට මීටර් 800 ක් පමණ මඩ වගුරකි. සේනාධිකාරි ජාතික පාසල ජිනේන්දාරාම දහම් පාසල හා ගම්පොළ නගරයට පැමිණෙන ජනතාව පාසල් සිසුන් මෙයින් දැඩි අපහසුතාවට පත්වෙති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ යටපාන කේ. ජී. ඥාණවතී මාතාව මෙම මාර්ගය 2013 දී පසුගිය රජයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක අබේසේකර මහතාගේ ඉල්ලීම පරිදි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා පළාත් සභා මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ගල්කඩුව හන්දියේ සිට මීටර් 800 කට එහා සිට බොස්වොඩි කුරුඳුවත්ත මාර්ග හන්දියට කොන්ක්‍රීට් කරන ලදී.

නමුත් මේ මීටර් 800 අද වනතුරු කිසිම කෙනෙකු අතින් සංවර්ධනය නොවීම අපට කනගාටුවකි. පාසල් සිසුන්, ගැබිනි මව්වරුන්, රජයේ සේවකයින්, ගම්වාසීහු දැඩි අපහසුතාවට මේ නිසා පත්වී සිටිති.

ගඟඉහළ සමූහ ජගත් ජනප්‍රිය

 

නව අදහස දක්වන්න