මානවක බාලදක්ෂ ආචාර්යවරුන් 7කට පදක්කම් | දිනමිණ

මානවක බාලදක්ෂ ආචාර්යවරුන් 7කට පදක්කම්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍ර‍ථම වරට පවත්වන ලද මානවක බාලදක්ෂ ආචාර්යවරුන්ගේ පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ මානවක බාලදක්ෂ ආචාර්යවරුන් 7 දෙනකු සහ ආචාර්යවරියන් දෙදෙනකු ඇතුළත් කණ්ඩායමට පදක්කම් පැලඳවීමේ උළෙල හාලිඇළ ෂාර්ලොන් නසරින් දේවස්ථාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික් මානවක බාලදක්ෂ සහාය කොමසාරිස් ඩබ්. බී. ආර්. ජේ. මහින්දරත්න මහතාගේ ආරාධනය මත බදුල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් තිලක් ජයසිරි මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැති මේ උළෙලට බදුල්ල දිස්ත්‍රික් බාලදක්ෂ පුහුණු සහාය කොමසාරිස් වයි. එම්. යාපා මහතා ඇතුළු නිලධාරීහු ද සහභාගි වූහ.

ඡායාරූපය - හාලිඇළ සමූහ ආර්. එම්. විජේරත්න

නව අදහස දක්වන්න