පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි | දිනමිණ

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මීට අමතරව, උතුරුමැද, වයඹ, ඌව යන පළාත්වලට මෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

නව අදහස දක්වන්න