හික්කඩුවේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට | දිනමිණ

හික්කඩුවේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

හික්කඩුව, ගාල්ල-කොළඹ මාර්ගයේ වෑවල හංදිය අසලදී පාපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද(22) උදෑසන 7.45ට පමණ වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තාවේ.

වෙඩි වැඳුනු පුද්ගලයා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වු ඉනාසි චමින්ද නැමති පුද්ගලයෙක් වන අතර මෘත ශරීරය ආරච්චිකන්ද රෝහලේ මෘත ශාරීරාගාරයේ තැන්පත් කර තිබේ.

හික්කඩුව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


නව අදහස දක්වන්න

Or log in with...