මංකොල්ලයක්, පොලිස් නිළධාරියෙක් මරුට - VIDEO | දිනමිණ

මංකොල්ලයක්, පොලිස් නිළධාරියෙක් මරුට - VIDEO

මාතර නගරයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අදාල වෙඩි තැබීම සඳහා කොල්ලකරුවන් පැමිණි යතුරු පැදි දෙකක් සහ ස්වයංක්‍රීය ගිණි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර මීට ටික වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව පොලිසිය එම ස්ථානයට ගිය පසු මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව සඳහන්.

කොල්ලකරුවන් අතරින් එක් අයෙකුට ද වෙඩි තැබීම හේතුවෙන් තුවාල සිදුව ඇත.

අනුතුරුව කොල්ලකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාතර පොලිස් ස්ථානය සඳහන් කරයි.

 


නව අදහස දක්වන්න

Or log in with...