පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප | දිනමිණ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

බන්ධනාගාර ගත කර සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඥානසාර හිමි මුදාහැරිමට හෝමාගම මහේස්ත්‍රාත් සුදේෂ් රණතුංග නියෝග කර තිබේ.

එමෙන්ම උන් වහන්සේට විදෙස් ගතවිම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරිමට ද කටයුතු කරන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදුන් සිරදඩුවමට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව උන් වහන්සේ අද ඇප මත මුදා හැරිමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

නව අදහස දක්වන්න