පාප් වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක | දිනමිණ

පාප් වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරත වේ.

උන් වහන්සේ ස්විස්ටර්ලන්තයේ එක් දිනක් පමණක් සංචාරය කරන බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ. ස්විස්ටර්ලන්ත ජනාධිපතිවරයා සහ ආගමික නායකයන් සමග උන් වහන්සේ සාකච්ඡා කිරීමට නියමිතය.

ලෝක ක්‍රිස්තියානි සභාවේ හැත්තෑවන සංවත්සරය සැමරීමේ අරමුණින් පාප් වහන්සේගේ මෙම සංචාරය සිදුවේ.

ලෝක ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන යාඥාවටද උන් වහන්සේ සහභාගී වනු ඇත.

පාප් වහන්සේගේ පැමිණීමත් සමග ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව සදහන් ය.

නව අදහස දක්වන්න