ශ්‍රී ලංකාව පුරාම සුව සැරිය ක්‍රියාත්මකයි පනත සම්මතයි | දිනමිණ

ශ්‍රී ලංකාව පුරාම සුව සැරිය ක්‍රියාත්මකයි පනත සම්මතයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර

1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පසුගිය (21) සම්මත විය. 1990 සුව සැරිය ගිලන් රථ සේවය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමත් සමඟම ශ්‍රී ලංකාව පුරාම පළාත් නවයේම දිස්ත්‍රික්ක විසිපහ තුළම ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.

ඉන්දියානු ප්‍රදානයක් යටතේ 1990 ගිලන් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ අතර, පසුව මාතර, ගාල්ල, කළුතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ව්‍යාප්ත කෙරිණි. මේ සුවසැරිය පදනම පාර්ලිමේන්තුවේ සම්මතවීම තුළින් ඉදිරියේ දී සෑම පළාතකම ගලන් රථ සේවාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

හදිසි අවස්ථාවක දී 1990 අංකයට අමතූ විට විනාඩි 13ක් ඇතුළත රෝගියා සිටින ප්‍රදේශයට පැමිණිය හැකි වඩාත්ම ආරක්ෂිත ආකාරයට රෝගියා රෝහල්ගත කිරීමට හැකි මේ ගිලන් රථ සේවාව මඟින් මහජනතාවට විශාල සේවාවක් සිදුවේ.

රට පුරා මේ ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීමේ දී ගිලන්රථ තුන්සියයකට අධික සංඛ්‍යාවක් ඇතුළත් අතර, කාර්ය මණ්ඩලය 1800ක් පමණ වනු ඇත. පැය විසිහතර පුරාම ක්‍රියාත්මක මේ සේවය ඕනෑම කෙනකුට නොමිලයේ ලබාගත හැක.

මීට අදාළ පනත් කෙටුම්පතේ පළමුවර කියවීම පසුගිය මැයි මාසයේ 22 වැනි දා පාර්ලිමේන්තුවේ දී සිදු කර ඇත.

නව අදහස දක්වන්න