කොටියා ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න | දිනමිණ

කොටියා ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න

මානෙල් පුෂ්ප කුමාරි

කිළිනොච්චිය මහේස්ත්‍රාත් නියෝග කරයි

කිළිනොච්චිය වනජීවී කලාපයේ අම්බලාන්පුරම් හි මිනිසුන් අතින් ඝාතනය වූ කොටියාගේ මෘත ශරීරය මේ වන විට ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ තැන්පත් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කෙළේ ය.

කොටියාගේ ඝාතනය සම්බන්ධයෙන් පෙරේදා (21) සවස කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට වන ජීවී දෙපාර්තමේන්තුව මඟින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු කොටියා ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කැර ඇත.

මෙම කොටියා ඝාතනය වීමට පෙර අදාළ ගම්මානයට කිළිනොච්චිය වනජීවී කලාපය භාර පශු වෛද්‍ය ගිරිධරන් මහතා සමඟ වනජීවී නිලධාරී කණ්ඩායමක් ගොස් ඇති අතර එහි දී ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් තිබීම හේතුවෙන් පොලිසිය කැඳවීමට වන ජීවී කණ්ඩායම කටයුතු කැර තිබේ.

නව අදහස දක්වන්න