දිවියා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට | දිනමිණ

දිවියා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය - අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි සැකකරුවෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලූ මුගුරුවලින් පහරදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරය වී ඇති වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා පොලිසියට නියෝග කළහ.


නව අදහස දක්වන්න

Or log in with...