ලේක්හවුස් සේවකයෝ පූජා කළ සිරිපා අනුරුව මිහින්තලාවට වැඩමවයි | දිනමිණ

ලේක්හවුස් සේවකයෝ පූජා කළ සිරිපා අනුරුව මිහින්තලාවට වැඩමවයි

ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් මිහින්තලා රජමහා විහාරස්ථානයට පූජා කළ සම්බුදු සිරිපා ශෛලමය අනුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයක ආධාරයෙන් මහත් පරිශ්‍රමයකින් පසුගියදා මිහින්තලා රජමහා විහාර පුදබිමේ ඉහළ මළුවට වැඩම කරවනු ලැබීය.

මිහින්තලා ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති ‍මෙම සිරිපා ශෛලමය අනුරුව වටා ආරක්ෂිත පිත්තල වැටක් ඉදිකර ඇත.

මෙම ඉදිකිරීම පොසොන් පොහෝදින උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

ඡායාරූප-අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න