තුර්කියට ඇතුළු වෙන්න ගිය ලාංකීකයන් 08ක් අත්අඩංගුවට | දිනමිණ

තුර්කියට ඇතුළු වෙන්න ගිය ලාංකීකයන් 08ක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස තුර්කියට ඇතුලුවිමට උත්ලසහ කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ජොර්ජියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජොර්ජියානු ආරක්ෂක අංශ විසින් ඇජාරා දේශසීමාවේදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ජොර්ජියාව හරහා තුර්කියට ඇතුලුවිමට උත්සහ දරා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ජොර්ජියාවේ අපරාධ නීති සංග්‍රහයට අනුව විමර්ශන පැවැත්වෙන බව සඳහන්.


නව අදහස දක්වන්න