ඝෝඨාභයගෙන් පැය 03ක් ප්‍රශ්න කරයි - UPDATE | දිනමිණ

ඝෝඨාභයගෙන් පැය 03ක් ප්‍රශ්න කරයි - UPDATE

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඔහු අද(25) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේ තංගල්ල,වීරකැටිය – ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි - UPDATE 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සදහා අද(25) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇත.

ඒ , ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙනු පැමිණිල්ලකට අදාළ පරීක්ෂණයක් හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සදහා ය.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

නව අදහස දක්වන්න