ඇසට්ලයින් ලීසිං කම්පැනි 15වැනි සංවත්සරය | දිනමිණ

ඇසට්ලයින් ලීසිං කම්පැනි 15වැනි සංවත්සරය

දිවයින පුරා ශාඛා පිහිටි ප්‍රදේශවල පාසල් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් පවත්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් පසුගිය දා (05) සිය 15 වැනි සංවත්සරය සැමරුවේය. ඒ නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උළෙල බත්තරමුල්ලේ පිහිටි ඇසට්ලයින් ප්‍රධාන කාර්යාලය තුළ පවත්වන ලද අතර, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගුරුවරුන්ද රුක් රෝපණ ව්‍යාපාරයට දායකත්වය සපයන ලදී.

වසර 15ක් මුළුල්ලේ පාරිභෝගික ජනතාවට කඩිනම් සහ පහසු ලීසිං පහසුකම් ලබා දෙමින් ජනාදරයට පත්වූ ඇසට්ලයින් ලීසිං 2003 වසරේ දී ආරම්භ කරන ලදී. ඒ එවකට ඩී. පී. එම්. සී. ෆයිනෑන්ෂල් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඞ් ලෙස පැවැති ආයතනය ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් ලෙසට නව්‍යකරණය වෙමින් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු දියත් කරමිනි.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයකු වන ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් හැම විටම ජාතියේ මූල්‍ය පහසුකම් සපයන්නා වීමේ අරමුණ සාක්ෂාත් කරනු වස් තම පාරිභෝගිකයන්ට සහ පාර්ශ්වකරුවන්ට අනගිභවනීය මෙන්ම වඩාත් ක්‍රියාශීලී මූල්‍ය පහසුකම් ලබා දීමට ඇප කැප වී ඇත. ඒ බව පසුගිය වසර 15 පුරාවට ඇති ජනතා ප්‍රතිචාර අනුව තව තවත් තහවුරු වේ.

අද වන විට ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් දිවයින පුරා පිහිටි ශාඛා 52කින් යුතු ශක්තිමක් ජාලයකින් යුක්ත වේ. එසේම එම ශාඛා ජාලය හරහා ජනතාවට වඩාත් සමීපතම මූල්‍ය පහසුකම් පසයන්නා පමණක් නොව ලීසිං ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම ඔස්සේ මහජනතාවගේ ජීවන තත්ත්වයේ නඟා සිටුවීමේ මහඟු කටයුත්තට ද උරදී කටයුතු කරමින් සිටින බව නොරහසකි.


නව අදහස දක්වන්න

Or log in with...