අගලවත්තේ මෙහෙයුමකින් ගෝඩා සහ කසිප්පු තොගයක් අල්ලයි | දිනමිණ

අගලවත්තේ මෙහෙයුමකින් ගෝඩා සහ කසිප්පු තොගයක් අල්ලයි

අගලවත්ත පොලිස් වසමේ ස්ථාන තුනක 25 වැනිදා සිදුකළ මෙහෙයුම් මගින් ගෝඩා මිලි ලීටර් 328000 ක් සමග ගංජා හා කසිප්පු තොගයක් අත් අඩංගුවට ගැනීමට අගලවත්ත පොලීසියට හැකිව තිබේ.

ස්තානාධිපති උ.පො.ප. එච්.එම්.ඩී.එස්.ටී.මාවතගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තැන්නහේන,සමගිපුර,කූල්ගහ ප්‍රදේශවල මෙම වැටලීම් සිදු කර ඇත.

මීට අමතරව අගලවත්ත නගරයේ සිදු කළ සෝදිසියකින් සපතේරුවකු සන්තකයේ තිබී ගංජා මිලි ග්‍රෑම් 1400ක් හා තවත් අයෙකු සතුව තිබී ගංජා ග්‍රෑම් 1900 ක් අත් අඩංගුවට ගෙන තිබේ.

නගරයේ සපත්තු අලුත්වැඩියා වල නිරත මෙම සැකකරු රිය අනතුරු ,කොල්ල කෑම්.කසිප්පු අලෙවිය ඇතුළු වැරදි වෙනුවෙන් අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තු තුනක් ඇති අයකු වන අතර සැකකරු මතුගම අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධණාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පී එම් පත්මසූරිය - අගලවත්ත සමූහ.


නව අදහස දක්වන්න