බරක් නැති ණයක්! ඉල්ලන පමාවෙන් අපි දෙනවා | දිනමිණ

බරක් නැති ණයක්! ඉල්ලන පමාවෙන් අපි දෙනවා

ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුවේ සභා­පති නීතිඥ කස්තුරි අනු­රා­ධ­නා­යක

අතමිට සරු නව ව්‍යවසායක පරපුරක් බිහි කරන්නට අත්වැල් සැපැයීමට තම බැංකුව සූදානම් යැයි සංවර්ධන බැංකුකරණයේ මහගෙදර නම් ලත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා ප්‍රකාශ කරයි.

රජය මගින් හඳුන්වාදුන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම සියල්ලම තම බැංකුව හරහා පිරිනැමීමටත්, ගනුදෙනුකාර සේවාව ඉතා කඩිනම් හා සුහදශීලී අයුරින් සිදු කිරීමටත් කටයුතු යොදා ඇතැයි ද සභාපතිවරයා කියා සිටියි.

රටපුරා විසිරුණු සංවර්ධනයක්, ග්‍රාමීය ජනතාවට අතමිට සරු ජීවිතයක් උරුම කර දීමට කටයුතු කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අනාගත වැඩපිළිවෙළ පැහැදිලි කරමින් සභාපතිවරයා සංවාදයට එක්විය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස ඔබ මේ වගකීම් සහිත කාර්ය ඉටු කිරීමට සැලසුම් කර ඇත්තේ කෙලෙස ද?

මම මේ වනවිට බැංකුකරණයේ හැඩරුව අධ්‍යයනය කරමින් ඉන්නේ. මම කොහොමත් සාමාන්‍ය දුප්පත්, සමාජයේ ඉහළට එන්න වෙරදරන ජනතාවගේ දුක, කඳුළ හඳුනන කෙනෙක්. මේ අයගේ ජීවිත වඩාත් සුඛිත මුදිත කිරීමට වත්මන් ආණ්ඩුව විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩපිළිවෙළ තුළින් ජනතාවට, ජනතාවගේ අවශ්‍යතා සපයාදීමටයි අප කටයුතු කළ යුතු වන්නේ. ඒ දේ මම නීතිඥයෙක් ලෙසත්, දේශපාලනඥයෙක් ලෙසත් මනාව ඉටු කර තිබෙනවා. ඒ අනුව අලුතින් පැවරුණු වගකීමක් මට හැකි උපරිමයෙන් කැපවී වෙහෙස වී ජනතාව නඟා සිටුවීමටයි මම කටයුතු කරන්නේ.

අද වනවිට බැංකුකරණය පුදුමාකාර තරගකාරීත්වයකට ලක්වෙලා තිබෙන්නේ. මේ තරගකාරීත්වය ජය ගන්නට ඔබ බැංකුව සූදානම් ද?

ඒ සඳහා බැංකුව සැමවිටම සූදානම්. අපිත් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ සාර්ථකව ජනතාව අතරට ගෙන යන ගමන්, බැංකුවේ අරමුණුත් ජයගන්නට ක්‍රියා කිරීමයි කළ යුතු වන්නේ.

මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ආණ්ඩුවේ අරමුණයි. ඔවුන්ට දිරියෙන් ඉදිරියට එන්න ශක්තිය සැපැයීම ආණ්ඩුවේ සෑම ප්‍රතිපත්තියකම අරමුණයි. අපි ඒ ප්‍රතිපත්තීන්ට අනුව කටයුතු කරන අතර, බැංකුකරණයේ අරමුණුත් ජය ගන්නට ක්‍රියා කිරීම තමයි කළ යුත්තේ. මේ දෙක මනාව ඉටු කරන්නට හැකිනම් තරගකාරීත්වය ජයගන්නට හැකි වෙනවා යැයි මා විශ්වාස කරනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි, බැංකුවේ අරමුණයි අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගමින් ඉදිරියට යන්නේ කෙලෙස ද?

මේක ඉතාම අභියෝගාත්මක හෝ අසීරු කාර්යයක් හෝ වෙන්නේ අපි තනි තනිව කටයුතු කරන්න ගියොත් තමයි. එසේ නැතිව අපි සියලුදෙනා එකට ඒකාබද්ධ වුණොත් අපට රටත්, ජනතාවත් නඟා සිටුවන්න අමාරු වෙන්නේ නැහැ.

මම උදාහරණයකට කියන්නම්, ආණ්ඩුව මේ වනවිට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම යටතේ විවිධ අංශ හඳුනාගෙන ඒ අංශ දියුණු කරන්න ණය මුදල් ලබාදෙන්න සූදානම්. අපි ඒවාත්, ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන යෝජනා ක්‍රමයි සියල්ල එකට ඒකාබද්ධ වෙන්න ඕනෑ. අපි කෘෂිකර්මය දියුණු කරන්න ඒ අංශයේ සියලු අංශ අතර සම්බන්ධීකරණයක් ගොඩනඟාගෙන ඔවුන්ගේ වටිනා අදහස්, යෝජනා අරගෙන අපේ ගනුදෙනුකාරභවතුන් අතරට යන්න ඕනෑ. ගනුදෙනුකාර භවතුන්ට අගය එකතු කළ වැඩි වටිනාකමක් තිබෙන සේවාවක් ලබාදෙන්න ඕනෑ.

අපි ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ 13ක් සමඟ දැනටමත් සාකච්ඡා කරලා ඒ ඒ ආයතනවල සේවා අපේ බැංකුව හරහා ලබාදීමට සූදානම් වෙලා ඉන්නේ.

ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යංශ ගණනාවක් එක්ක සමීපවී අපේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමටයි අපේ සැලසුම. අපි නිවාස අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සමෘද්ධි අමාත්‍යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ඒවාගේ වෙළඳ කම්කරු, ධීවර, විදුලිබල ඇතුළු අමාත්‍යංශ සහ තවත් ආයතන ගණනාවක් සමඟ කථා කළා. සියලුදෙනා කැමැතියි අපි සමඟ වැඩ කරන්න. අපිට ගනදෙනුකාර භවතුන් ඉහළ සේවාවක් ලබාදෙන්න හැකියි.

බැංකු ණය ලබාදීම තුළින් පමණක් සාර්ථක ව්‍යවසායකයෙකු බිහි වන්නේ නැහැ නේද?

හරියටම හරි. එසේ වන්නේ නැහැ. අපි ඔවුන්ට මුල සිට මූල්‍ය විනය, ව්‍යාපාරික විනය සදාචාරාත්මක ගති ලක්ෂණ කියා දෙන්න ඕනෑ. මේ රටේ ජනතාව සෑම දෙනාටම සහජ හැකියාවක්, කුසලතාවක් තිබෙනවා. ඒදේ අපි ඉස්මතු කරගන්න ඕනෑ. ඒදේයි අපි කරන්න ඕනෑ. අපි ණය මුදලක් දීමෙන් නතර වන්නේ නැහැ. ගනුදෙනුකාර භවතුන් දිනෙන් දින පිබිදෙන අයුරු බලා ගන්න ඕනා. ඒ සඳහා බැංකුවේ කාර්ය

මණ්ඩලය සූදානම් කිරීමයි අපි කරන්නේ.

අපේ රටේ විවිධ ජනතා සුබසාධන සංවර්ධන වැඩසටහන් සඳහා විවිධ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු තිබෙනවා. ඒවා සමඟ ඔබ බැංකුව කටයුතු කරද්දී පහසුවෙයිද?

මුලදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් යැයි සිතා තමයි, මෙතෙක් කලක් මේ ආයතන අතර ඒකාබද්ධවීමක් සිදු නොවී තිබෙන්නේ. අපි දැන්වත් ඒ පටු භේද අමතක කරලා රටේ ජනතාවගේ පොදු යහපත සඳහා එක්වන්න ඕනෑ. එතුළින් සියලුදෙනාටම ජය තමයි අත්වන්නේ. ඒ ජයග්‍රහණය රටට, ජනතාවට ලබාදීමටයි අපි පියවර ගන්න ඕනෑ. කටයුතු කළ යුතු වන්නේ එයයි මාගේ දර්ශනය.

අලුතින් ව්‍යාපාර ආරම්භ කරන තරුණ පිරිසට, ඒ අතරේ ඉන්න උපාධිධාරීන්ට ඔබ බැංකුව විශේෂයෙන් උදව් කිරීමට සූදානම් ද?

අපි තරුණ පරපුරට ඇරඹුම ණය යෝජනා ක්‍රමයෙන් උදව් කරනවා. ඒ වාගේ නව ව්‍යාපෘති වාර්තාවලට ණය මුදල් ලබාදෙනවා. අලුතින් සිතන, නව නිර්මාණකරුවන්ට අත දෙන්න අපි සූදානම්. ඉතා ඉක්මනින් නව ව්‍යවසායක අදහස්, ව්‍යාපෘති අරගෙන අපේ බැංකුවට එන්න කියන ආරාධනාව මම මේ මොහොතේ රටවැසි ජනතාවගෙන් බොහෝම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

 

ජයසිරි මුණසිංහ

 

අදහස් 6ක් ඇත

Loan akak ganna puluwanda navy ake

Iwant lone

Naya wageyak gewanna thiyanawa loku hadissiyak 0705587946

Naya wageyak gewanna thiyanawa loku hadissiyak 0705587946

නව අදහස දක්වන්න