පළාත් මැතිවරණය ගැන මහින්ද - කරු සාකච්ඡාවක | දිනමිණ

පළාත් මැතිවරණය ගැන මහින්ද - කරු සාකච්ඡාවක

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන බාධා පිළිබදව කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එ් පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

එම අවස්ථාව සදහා පළාත්පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මෙන්ම පළාත් සභා සීමා නිර්ණ කොමිසන් සභාවේ නියෝජිතයින් ද සහභාගී වී සිටියයුතු බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම සාකච්ඡාවේදී කථානායක කරූ ජයසූරිය සඳහන් කලේ, ලබන දෙසැම්බර් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවයි.

කෙසේ වෙතත්, එහිදී මන්ත්‍රීවරුන් දක්වන අදහස් ද සීමානිර්ණ කටයුතු සඳහා උපයෝගී කරගන්නා බවයි පළාත් සභා සීමා නිර්ණ කොමිසන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ලබන පස්වනදා පළාත් සභා සීමා නිර්ණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනාවක් ද පැවැත්වීට නියමිතයි.

නව අදහස දක්වන්න