Best WebLK - දිනමිණ සහ තිනකරන් යළි ඔසවා තබයි | දිනමිණ

Best WebLK - දිනමිණ සහ තිනකරන් යළි ඔසවා තබයි

අසංක බණ්ඩාර

lk domain  Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරඟාවලියෙන් (2018) වසර සදහා වන (Best Web.lk) ජයග්‍රහණ දෙකක් ලබාගැනීමට ලේක් හවුස් අන්තර්ජාල ප්‍රකාශන සමත් වී තිබේ.

ඒ අනුව මෙම තරඟාවලියෙන් www.dinamina.lk වෙබ් අඩවිය සඳහා "Best Media, Sports & Entertainment Website" හිමි Merit සම්මානය හිමි කර ගෙන ඇත.

එමෙන්ම අප වෙබ් අඩවිය (2017) ඉකුත් වසරේ ද හොඳම සිංහල වෙබ් අඩවිය - Merit සම්මානය හිමි කර ගැනීම ද විශේෂත්වයක්.

මේ අතර අප ද්‍රවිඩ මාධ්‍ය අන්තර්ජාල ප්‍රකාශනය වන www.thinakaran.lk වෙබ් අඩවිය Merit Award in "Best Tamil Website" Category සම්මානය හිමි කර ගෙන ඇත.

එම වෙබ් අඩවිය ඉකුත් වසරේ (2017) සඳහා වන Best Media, Sports and Entertainment Website -  Bronze Award සම්මානය සහ හොඳම ද්‍රවිඩ මාධ්‍ය වෙබ්අඩවියට හිමි Silver Award සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම මෙහි සුවිශේෂීත්වය වන්නේ, 2018 වසර සම්මාන උළෙලේ පුවත් පත් සදහා වන සම්මාන අතර ලේක් හවුස් ආයතනයේ දිනමිණ සහ තිනකරන් පමණක් තේරී පත්ව සිටීමයි.

මෙම සම්මාන උළෙලේ වෙනත් කිසිදු ජාතික පුවත්පතක වෙබ් අඩවියක්, සම්මානයන් සදහා හිමිකම් කියා නැහැ.

මෙවන් ජයග්‍රහණ ලබා ගැනීමට නිබදවම අපට සවියක් වූ ලේක් හවුස් පාඨක ජනතාව වෙත අප මෙසේ යළි යළිත් ගෞරවය පිරිනමන්නෙමු!!!!

ස්තුතියි ඔබට....

නව අදහස දක්වන්න