නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතට නඩු දානවා | දිනමිණ

නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතට නඩු දානවා

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අද කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමින්, හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.

හැමෝම කියනවා දැන් මට නඩු දාන්න කියලා. මම දැන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න ලෑස්ති කරලා තියනවා. පක්ෂයෙනුත් යනවනවා.

මේක පක්ෂයට දුන්නා කියල නේ චෝදනා කරලා තියෙන්නේ. මගේ සාක්කුවට දුන්නා කියලා නෑනේ.

එතකොට පක්ෂය විසින් අනිවාර්යෙන්ම , එතකොට නීතීඥවරුන්ට අපි දැන් උපදෙස් දීලා තියනවා.

කොහොම ද කරගෙන යන්නේ කියලා. පිටරටකින් සල්ලි අපි කොයි වෙලාවකවත් අපේ මැතිවරණ ව්‍යාපාරයට අවේ නෑ

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.

 – උපුටා ගැනීම –

චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කළේ නැත.

මගේ සගයන් හා මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට එම මුදල් ලබා දී ඇති බවත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය විසින් අදාළ චෙක්පත් අරලියගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීව ද, නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ මුදල් හරියටම ගත්තේ කවු ද ? දුන්නේ කවු ද ? යන කාරණා සම්බන්ධයෙන් සිතා මතා ම අපහැදිලි වදන් භාවිත කොට ඇත.

නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුණු ඔවුන් ලබාගත්තේ ආණ්ඩුවේ විමර්ශනයකින් බව එහි සඳහන් වේ.

මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොඳින් දනී.

– උපුටා ගැනීම අවසන් –

                                                                                                                                      


නව අදහස දක්වන්න

Or log in with...