දෘෂ්‍යාබාධිතයන්ට කතන පුස්තකාලයක් | දිනමිණ

දෘෂ්‍යාබාධිතයන්ට කතන පුස්තකාලයක්

මොබිටෙල්, නේත්‍රාභිමාන වැඩසටහන මගින් කතන පුස්තකාලයක් දෘෂ්‍යාබාධිතයන් වෙනුවෙන් ඉදි කරන ලදී. එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ සංගමයට පවරා දෙන ලද්දේ මොබිටෙල් හි ප්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගියවර වෙසක් සමයේ දී මොබිටෙල් යළිත් වරක් තම උදෘත පාඨය වන We Care Always ‘ඔබ සමඟයි සැමදා’ යන්න අර්ථ ගන්වමින්, වෙසක් උත්සවයේ ප්‍රීතිය අත්දැකීමට සෑම දෘෂ්‍යාබාධියන්ට අවස්ථාව ලබා දෙන ලදී, පැරැණිතම සන්නිවේදන මාධ්‍යයක් වන කතා කියාදීමේ කලාව හා නව තාක්ෂණයේ Interactive Voice Response (IVR) මුසු කරමින් දෘෂ්‍යාබාධිතයන්ට කොළඹ ප්‍රධානතම තොරණ පහක කතා වස්තුන් නව තාක්ෂණය මාර්ගයෙන් දෘෂ්‍යාබාධිතයන්ට ද ඇසීමට සලස්වන ලදී . මේ මගින් දෘෂ්‍යාබාධිත ප්‍රජාවට ද නිවසේ සුව පහසුවෙන් සහ ආරක්ෂාකාරීව වෙසක් අසිරිය අත්විඳීමට අවස්ථාව ලැබිමෙන් මෙතෙක් නොලැබුණු අත්දැකීමක හිඩැස පුරවන්නට හැකි විණි. මේ අත්දැකීම සැබවින්ම හෘදයාංගම විණි.

මේ ඇදහිය නොහැකි නව පහසුකම මගින් දෘෂ්‍යාබාධිතයන්ගේ ජිවිතවලට පෙර නොවිඳි අපූර්ව අත්දකීමක් හා පහසුවක් ළඟා කරගත හැකි විණි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දෘෂ්‍යාබාධිතයන් වෙනුවෙන් කතන පුස්තකාලයක් නිර්මාණය කිරීමෙන් මොබිටෙල් මෙසේ නව මාවතක් විවර කරන ලදී. පළමු අදියරේ දී ලබා ගත් නිසැක සාර්ථකත්වය මගින් නිර්මාණය කෙරුණු කතන පුස්තකාලය දෙවැනි අදියර සඳහා මුල පිරුණේ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ සංගමයේ නැසී ගිය හිටපු සභාපතිවරයා වන නවරත්න මුදියන්සේ මහතා සහ පසුගිය වෙසක් සමයේ නේත්‍රාභිමාන ව්‍යාපෘතියට සහභාගී වු අයවලුන්ගෙන් කරන ලැබූ ඉල්ලීමකට අනුවය.


නව අදහස දක්වන්න

Or log in with...