විෂන් කෙයා 9වැනි දෘෂ්ටිමිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරය සමරයි | දිනමිණ

විෂන් කෙයා 9වැනි දෘෂ්ටිමිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරය සමරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී අක්ෂි සේවා සපයන්නා වන විෂන් කෙයා පුද්ගලික සමාගම විෂන් කෙයා දෘෂ්ටිමිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරය 9 වැනි වරට විෂන් කෙයා අධ්‍යාපන ආයතනය මඟින් කොළඹ Galle Face Hotel හිදී පසුගිය දා (10) පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා විෂන් කෙයා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා, කළමනාකරණ මණ්ඩලය ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ද, දෘෂ්ටිමිතික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෝ ද අක්ෂි ශල්‍ය වෛදවරුන් ද සහභාගී වූහ. විද්‍යාත්මක සැසිවාර ලෙස Occular diagnÈtic and Biometry, Contact Lens, Refraction and Low Vision, Vision Theraphy සහ Audiology යන සැසිවාර පවත්වනු ලැබිණ.

උත්සවය වර්ණවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අක්ෂි ශල්‍ය වෛද්‍ය සාලිය පතිරණ මහතා සහභාගි විය. පිළිගැනීමේ කථාව විෂන් කෙයා අධ්‍යාපන ආයතනයේ විදුහල්පති විද්‍යා ජයරත්න මහතා විසින් පවත්වන ලද අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවෙහි චර්යා හා සංවර්ධන දෘෂ්ටි විශේෂඥයකු වන ආදිත්‍ය ගෝයාල් මහතා ද, ප්‍රධාන කථිකයන් ලෙස අක්ෂි ශල්‍ය වෛද්‍ය උපාලි මෙන්ඩිස් මහතා ද, අක්ෂි ශල්‍ය වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය ද, අක්ෂි ශල්‍ය වෛද්‍ය ඉමල්කා ෆොන්සේකා මහත්මිය ද, අක්ෂි ශල්‍ය වෛද්‍ය කේ. ඒ. සැල්වින් මහතා ද, විශේෂඥ වෛද්‍ය - උගුර, කන, නාසය - චන්ද්‍රා ජයසූරිය මහත්මිය ද සහභාගි විය.

9 වැනි දෘෂ්ටිමිතික දිනය සහ විද්‍යාත්මක සැසිවාරයේ ජයග්‍රාහකයන් ලෙස චානුරා මහින්දපාල මහත්මිය ද, නිමන්ත විදුරංග මහතා ද, චමීර විමලසේන මහතා ද, මහේෂා නිෂාදි මෙනෙවිය ද, ෆාතිමා මුෆ්රිසා මෙනෙවිය ද, අමිල චන්ද්‍රසේකර මහතා ද, කල්ප මධුෂාන් මහතා ද, බුද්ධිනි නෝනිස් මෙනෙවිය ද, සම්මාන ලබා ගන්නා ලදි. විද්‍යාත්මක සැසිවාරයන් වෛද්‍ය ටිරාන් කෑරගල මහතා, වෛද්‍ය ගංගා ජයසේන මහත්මිය, අනන්ත ලක්ෂ්මී මෙනෙවිය සහ වෛද්‍ය බිමන්ත පෙරේරා මහතා විසින් විනිශ්චය කරන ලදී.

නව අදහස දක්වන්න