දින 09ක් ලෙනක සිර වූ දරුවන් - VIDEO | දිනමිණ

දින 09ක් ලෙනක සිර වූ දරුවන් - VIDEO

දින නවයක් තායිලන්තයේ ලෙනක සිර වී සිටි පිරිමි දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු හමු වූ බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ඔවුන් කිසිවෙකුගේත් ජීවිතයට හානියක් නැති අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව පසුවන බවත් ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසොතනකොන් (Narongsak Osottanakorn) සනාථ කළේය.

දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයාගනු ලැබුනේ චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙන් ආසන්නයේ සිදුකරන ලද දැවැන්ත බේරාගැනීමේ මෙහෙයමකින් අනතුරුවය.

ඔවුන් සොයාගෙන තිබෙන්නේ නාවික හමුදාවේ විශේෂ බලකායක සාමාජිකයන් විසිනි.

දරුවන් පිරිස ලෙනක සිරවීම ගැන තායිලන්තය කම්පා වූ අතර දිගින් දිගටම ඉහළ යමින් තිබූ ජාල මට්ටම සහ මඩ තට්ටු හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ තිබුණි.

කිලෝමීටර ගණනාවක් පොළව යටින් විහිදෙන Tham Luang Nang Non ලෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

 

නව අදහස දක්වන්න