Tuesday, ජූලි 3, 2018 - 17:42
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත් ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායක කරූ ජයසූරිය, නීතිපතිවරයාට දන්වා තිබේ.
කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ පියවර ගැනීමේ අවශ්‍යතාව පෙන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඇමැතීනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.
ඒ අනුව අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව තමාට පැවසු බව කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නව අදහස දක්වන්න