තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනා ගැනේ | දිනමිණ

තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනා ගැනේ

රුපියල් නව කෝටි පනස් ලක්ෂය ඉක්ම වූ අනුරාධපුර - තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනාගෙන අැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 08ක් යොදවා අැති අතර සැකකරුවන් ඉදිරි දින දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බවයි.

එමෙන්ම පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

කොල්ල කන ලද රාජ්‍ය බැංකුවේ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවරගෙන අැති අතර බැංකුවට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබේ.

ඉකුත් 29 වනදා පස්වරු 6.40ත් ඊයේ උදෑසන 7.10ත් අතර කාලයේදී මෙම සොරකම සිදුව ඇති අතර එහිදී සොරාගන්නා ලද මුදල්වල වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක්.

කොල්ලකරුවන් විසින් රැගෙන ගිය උකසට ගෙන තිබූ කිලෝ 22 ග්‍රෑම් 806 බර රන් භාණ්ඩවල වටිනාකම රුපියල් හත් කෝටි අසූ ලක්ෂයකට ආසන්නයි.  

සොරා ගන්නා ලද රන් භාණ්ඩ සහ මුදල්වල වටිනාකම දැනට රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් ලෙස තක්සේරු කර අැත.

නව අදහස දක්වන්න