විජයකලා ඉවත් කරන්න - අගමැති | දිනමිණ

විජයකලා ඉවත් කරන්න - අගමැති

පරීක්ෂණ අවසන් ළමා කටයුතු වනතුරු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

විජයකලා මහේෂ්වරන්  අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයේදි  ඊයේ කල ප්‍රකාශය සම්බන්ධයෙන්  විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයාට ද දන්වා තිබුණි.

නව අදහස දක්වන්න