මරණීය දණ්ඩනය නියම කිරීමක් | දිනමිණ

මරණීය දණ්ඩනය නියම කිරීමක්

පුද්ගල ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තැනැත්තෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇත.

2011 වසරේ ජනවාරි 11වනදා උප්පුවේලි පොලිස් වසමේ අන්දම්කුලම් ප්‍රදේශයේ පදිංචි බුද්ධ රත්නායක නැමති අයව තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විභාග වූ නඩුවක තීන්දුව ඊයෙ(03) ලබා දී තිබුණි.

ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරුවරයා විසින් එම ඝාතනයේ චූදිත වයස අවුරුදු 38ක් වූ සමීර ලක්මාල් යන අයට මරණ දණ්ඩනය නියම කරන ලදි.

නව අදහස දක්වන්න