දුම්රිය අනතුරු වැළැක්වීමට කහ ඉරක් | දිනමිණ

දුම්රිය අනතුරු වැළැක්වීමට කහ ඉරක්

දුම්රිය අනතුරු වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප‍්‍රකාශ කරයි.

පසුගිය මාස 05 තුළ පමණක් දුම්රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 241කි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රධාන දුම්රිය හා වේදිකා යොදා ගනිමින් දැනුවත් කිරිමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමට නියමිත බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

එසේම දුම්රිය වේදිකාවල ද කහ ඉරක් සළකුණු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

නව අදහස දක්වන්න