විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි | දිනමිණ

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඇය ඒ බව සඳහන් කර ඇත්තේ, ස්වාධීන රූපවාහිනිය වෙත අද(05) උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් ය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යාපනයේ දී පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මතවාදී තත්වයක් හට ගැනුණි.

ජයකලා මහේෂ්වරන් විසින් වසන්තම් නාලිකාවට කියා සිටියේ, තමාගේ දිවුරුම් දීමට අනූව යාපනයේ දී කළ ප්‍රකාශය වැරදි බවට තමා පිළිගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ජා කළ බවත් ඇය සඳහන් කරන ලදි.

ඒ අනූව, තමා අතින් සිදුවූ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් සිදු කරන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බව විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළාය.

අදහස් 3ක් ඇත

yathpirisen thama waradak kalabawa piliganeemata tharam nihathamaneewima agayakarami

yathpirisen thama waradak kalabawa piliganeemata tharam nihathamaneewima agayakarami

නව අදහස දක්වන්න