Big Bad Wolf පොත් ප්‍රදර්ශනයට අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ පූර්ණ සහාය | දිනමිණ

Big Bad Wolf පොත් ප්‍රදර්ශනයට අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ පූර්ණ සහාය

පොත් අලෙ­විය 8 වැනිදා දක්වා පැය 24 පුරා 60% -70% වට්ටම්

 

ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සිය පූර්ණ සහයෝගය පළ කරයි. ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගේ දර්ශනය වන “කියවීමේ සංස්කෘතියක්“ බිහිකිරීමේ සංකල්පය හා සමාගාමීව Big Bad Wolf පොත් අලෙවිය සඳහා එම අමාත්‍යංශය පුර්න සහයෝගය පල කර තිබේ. මෙම පොත් අලෙවිය මඟින් අඩු මිලට උසස් ඉංග්‍රීසි පොත පත මිලදී ගැනීමට හැකිවීම තුලින් ශ්‍රී ලංකාව පුරා ඉංග්‍රීසි සාහිත්‍යය වර්ධනයට අවස්ථාව උදාවන බව එම අමාත්‍යංශයේ අදහසයි.

මෙම පොත් අලෙවිය විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබදව අදහස් දක්වමින් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ වටිනා ඉංග්‍රීසි පොත පත මෙරට පාඨකයා වෙත තිළිණ කිරීම සඳහා Big Bad Wolf පොත් අලෙවිය තුළින් මහඟු දායකත්වයක් ලැබෙන බවයි. මෙහිදී ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් පොත පත අඩු මුදලට ලබාගැනීමට සලසා ඇති අවස්ථාව අගය කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඕනෑම වයසක පසුවන්නකුට පොතපත කියවීමේ රැචිකත්වය ඇති කරන පොත් පත් රැසක් මෙම පොත් අලෙවිය තුළ ඇතිබව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර පොත පත මෙරට පාඨකයාට සමීප කරවන මෙවැනි ප්‍රදර්ශන තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්විය යුතු බවයි.

මෙවර Big Bad Wolf පොත් අලෙවිය සඳහා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූහ.

 

 

නව අදහස දක්වන්න