කසළ ව්‍යාපෘ­ති­යට කොරි­යා­වෙන් ආධාර | දිනමිණ

කසළ ව්‍යාපෘ­ති­යට කොරි­යා­වෙන් ආධාර

නවීන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රව්‍යමවේදයන් හඳුන්වාදීම සඳහා කොරියානු රජයෙන් ඩොලර් ඩොලර් දශලක්ෂ 14,000,00 ණය ආධාර

මේ සඳම අවශ්‍යය උපකරණ හා තාක්ෂණය ද පළාත් පාලන ආයතන වෙත ලබාදී එම ආයතන ශක්තිමත් කිරීම අරමුණ වී ති‍බේ.

නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඇති ඝන අපද්‍රව්‍ය ජාතික ගැටළුවක් බවට පත් වී ඇති අතර නාගරික ප්‍රදේශවල ජනගහන වේගවත් වර්ධනය, පරිභෝජන රටාවේ මෑත කාලීන වෙනස්වීම් හා වැඩෙන කාර්මික හා ආර්ථික ක්‍රියාකාරකම් මෙම ප්‍රශ්නයට සෘජුවම හේතු වී ති‍බේ .

ඝන අපද්‍රව්‍යය සහ කල් පවත්නා තාක්ෂණයන් එකතු කිරීම හා ප්‍රවාහනය සඳහා පවතින ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රදේශීය අධිකාරීන් විසින් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නාගරික ප්‍රදේශ වල ක්‍රියාමාර්ග ඇති කලද ඇතැම් ප්‍රදේශවල ඒවා යේ අවිධිමත් බව හේතුවෙන්විවිධ සෞඛ්‍ය හා අනිකුත් අන්තරායකාරී තත්ත්වයන් ඇති විය.

තිරසාර ඝන අපද්‍රව්‍යය කළමනාකරණ පද්ධතිය ප්‍රවර්ධනය කිරීම සඳහා පූර්වා වශ්‍යතාවක් ලෙස, පළාත් පාලන ආයතනවල කසළ එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ ධාරිතාව වැඩිදියුණු කළ යුතු බව හඳුනාගෙන ඇත.

මෙම සන්දර්භය තුළ කොරියාවේ අපනයන සංවර්ධන බැංකුව (එක්සිම් බැංකුව) ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) විසින් අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර 190 ක් සැපයීම සඳහා ඩොලර් දශලක්ෂ 14,000,000 ට සමාන කොරියාවේ ණය ලබා දීමට එකඟ වී ඇත.ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතන 84 ක කුණු එකතු කිරීමේ හැකියාව මෙමඟින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

මෙම ණය මුදල සඳහා

පොළී අනුපාතය වසර 10 ක සහන කාලයක් ඇතුළුව වසර 30 ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව පොළිය සියයට0 ක් වනු ඇත.

නව අදහස දක්වන්න