කොම­ර්ෂල් බැංකුව මෙරට ජෛව විවි­ධ­ත්ව­යට කැප­වෙයි | දිනමිණ

කොම­ර්ෂල් බැංකුව මෙරට ජෛව විවි­ධ­ත්ව­යට කැප­වෙයි

Typhlopidae පවුලට අයත් අන්ධ සර්පයන් අට දෙනකු ශ්‍රී ලංකාවට ඒකදේශික ‘endemic’ යැයි දැනට හඳුනාගෙන තිබෙන අතර, මේ සත්ත්ව කාණ්ඩයේ තවත් ප්‍රභේද හඳුනා ගනිමින් ඔවුන් වර්ගකර මෙරට ජෛව විවිධත්ව කළඹ සඳහා ඇතුළත් කර සංරක්ෂණය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් නව විද්‍යාත්මක ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට ඉදිරිපත්ව තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකාවේ Herpetological Foundation ‘HFS’ විසින් මේ සර්පයන් වර්ගීකරණය සඳහා සමීක්ෂණ අධ්‍යනයක් සිදුකරන අතර මෙහි දී Typhlopidae පවුලට අයත් සර්පයන් සංරක්ෂණය සිදුකරයි. මෙහි දී, මේ පවුලට අයත් නව සර්පයන් වර්ග හඳුන්වා දෙමින් මෙරට ජීවත්වන Typhlopidae පවුලට අයත් අන්ධ සර්පයන් පිළිබඳ පුළුල් දැනුමක් සමාජයට ලබාදීමට බලාපොරොත්තු වේ.

මේ පදනම සඳහන් කරන්නේ මේ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව Typhlops නව සර්පයන් 30 දෙනකුගේ පමණ තොරතුරු එළිදැක්විය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

‘කොමර්ෂල් බැංකුව මේ සමීක්ෂණය සඳහා අරමුදල් ලබාදීම තුළින් මෙරට ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන සත්ත්ව එකතුව යාවත්කාලීන වන අතරම මේ අන්ධ සර්පයන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව අතර, අවබෝධයක් ඇති කිරීමට ද එය හේතු වෙනවාල’ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවැසීය. ‘මෙරට ජෛව විවිධත්වය පිළිබඳ තිබෙන විද්‍යාත්මක දත්ත සහ දැනුම පුළුල් කිරීම සඳහා දායකත්වය දැක්වීම වටිනා කටයුත්තක් යැයි අපි විශ්වාස කරනවා.’

මේ සමීක්ෂණය මගින් Typhlopidae පවුලට අයත් අන්ධ සර්පයන් මේ වනවිට මෙරට ව්‍යාප්ත වී තිබෙන ආකාරය සහ ඔවුන් සංරක්ෂණය කිරීමට තිබෙන ගැටලූ පිළිබඳද සවිස්තරාත්මක අවබෝධයක් ලබාගැනීමට අරමුණු කරගෙන තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකාවේ Herpetological Foundation ‘HFS’ හි, ප්‍රකාශකයකු සඳහන් කරන්නේ මේ ආකාරයෙන් නව සර්පයන් හඳුනා ගැනීම තුළින් ඒකදේශික සතුන් විශාල ප්‍රමාණයක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙනු ඇති බවයි.

නව අදහස දක්වන්න