ශ්‍රී දේවිගේ චරිතය දීපිකාට | දිනමිණ

ශ්‍රී දේවිගේ චරිතය දීපිකාට

බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තරුව ශ්‍රීදේවි අකාලයේ දිවියෙන් සමු ගත්තේ රිදී තිරයේ සුන්දර සිහිවටන රැසක් ඉතිරි කරමින්.

ශ්‍රීදේවිගේ රංගනයන් ඇතුලත් චිත්‍රපට කිහිපයක් යළිත් ප්‍රතිනිර්මාණය කරන්නට සූදානම් වන බවට බොලිවුඩයෙන් ආරංචි ගෙන එනවා. 

Chaalbaaz, Roop Ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr Indiaවැනි චිත්‍රපට ඒ අතර වන බවයි කියවෙන්නේ.

මීට පෙර ආරංචි ගෙන ආවේ ශ්‍රීදේවිගේ චරිත කතාව සිනමාවට නැගෙනු ඇති බවයි.

හන්සල් මෙහෙතා පවසා සිටියේ, ශ්‍රීගේ චරිත කතාව සිනමාවට ගෙන එන්නට බලාපොරොත්තු වන බව හා විද්‍යා බාලන් ශ්‍රී දේවිගේ චරිතයට පණ පොවන බවයි.

කෙසේ නමුත් ශ්‍රීදේවිගේ රංගන දායකත්වය ලද සිනමා නිර්මාණ ගොන්නේ වන හාස්‍යමය සිනමා නිර්මාණයක් වූ Chaalbaaz ඒ අතරින් පළමුවෙන් නිර්මාණය කෙරෙනු ඇති බවත් සඳහන්.

ෆාරා ඛාන් විසින් එය අධ්‍යක්ෂණය කරන්නට නියමිත බවත් මෙම ආරංචි අතරේ වෙනවා. සුවිශේෂම කරුණ නම් මෙහි ශ්‍රී දේවි නිරූපණය කළ ද්විත්ව චරිත වන අංජු සහ මංජුහට පණ පොවන්නේ කවුරුන් ද යන්නයි.

එම අවස්ථාව මේ වන විට බොලිවුඩ් නිළියන් අතරේ ඉදිරියෙන් සිටින දීපිකා පදුකෝන්හට හිමි වන බවයි පැවසෙන්නේ.

1989 වසරේ තිරගත කෙරුණු Chaalbaaz චිත්‍රපටයට එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ පස්වැනි ස්ථානය හිමි වෙනවා.

ශ්‍රී දේවි සමඟින් කොලිවුඩයේ සුපිරි තරුව රජිනිකාන්ත්, සනී ඩියෝල්, අනුපම් ඛේර්, ශක්ති කපූර් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වුණු.

එය අධ්‍යක්ෂණය කළේ පන්කජ් පරේෂර් විසින්.

වසර 28ට පෙර ශ්‍රී දේවි Chaalbaaz චිත්‍රපටයේ Na Jaane Kahan Se Aayi Haiගීතයට වර්ෂාවේ තෙමෙමින් නර්තනයෙන් දායක වූයේ ෆැරන්හයිට් අංශක 103 මට්ටමේ උණ තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී බවත් අතීත තොරතුරු ගෙන එනවා.

නව අදහස දක්වන්න