කොටියා මැරූ සැකකරුවන්ට ඇප | දිනමිණ

කොටියා මැරූ සැකකරුවන්ට ඇප

කිලිනොච්චිය ප්‍රදේශයේදී කොටියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාට ඇප ලබා දී තබේ.‍

සැකකරුවන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී එක් අයෙකුට රුපියල් පන්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැර ඇත.

සෑම මසක ම අවසන් සඳුදා දින කිලිනොච්චි පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුවන්ට අධිකරණය නියෝග කර තිබේ.

නඩුව සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවීමට නියමිතව ඇත.

නව අදහස දක්වන්න