අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ | දිනමිණ

අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ

පාර්ලිමේන්තු විවාදය අතරතුර අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා අදාළ විනය පරීක්ෂණය සිදු කිරීමට යෝජනාවී ඇත.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුනේ, නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන අයට එරෙහිව එම පරීක්ෂණ මුලික වශයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධියත් සමග සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඖෂධ සම්බන්ධයෙන් වන නව රෙගුලාසි පිළිබඳ විවාදය ප්‍රමාද විය.

මේ අතර පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් විශේෂ සමීක්ෂණයක් සිදුකර තිබේ.

මහජන මතය අනුව 96% ක් අදාළ සිදුවීම හෙළා දැක ඇති බව සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.

 


නව අදහස දක්වන්න

Or log in with...