ඉන්ධන මිල තීරණය මිල සූත්‍රයට | දිනමිණ

ඉන්ධන මිල තීරණය මිල සූත්‍රයට

රට පුරා පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග
- ඛනිජ තෙල් සංස්ථාව

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රට පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත්

අමාත්‍ය මණ්ඩලය 2018 මැයි මස 9 වන දින අනුමත කළ පරිදි ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක් හඳුන්වා දෙයි. එම තීරණය පරිදි සෑම මාස දෙකකට පසුව තුන් වන මස පස්වන දින මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කර ඇත.

මේ කමිටුවට පවරා ඇති බලය අනුව ජූලි මස 5වන දින පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය කරන කෙරිණි. මෙම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර මිල අනුව ඉන්ධන මිල අඩු වැඩි විය හැක. තවද ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද, මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇත. ඒ අනුව ඉන්ධන අලෙවියෙහි නිරත ආයතනවලට එම සංශෝධිත මිල ආශ්‍රිතව තම ඉන්ධන අලෙවි මිල වෙනස් කළ හැකිය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය ගනී.

නව අදහස දක්වන්න