ප්‍රංශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි - VIDEO | දිනමිණ

ප්‍රංශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි - VIDEO

පාපන්දු ඉතිහාසයේ 03 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම සමත් විය.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම පරාජය කරමිනි.

 මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා බෙල්ජියම අතර පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්විණි.

තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවිණි.

කෙසේ වෙතත් බෙලිජියමේ මැද පෙළ ක්‍රීඩක ඊඩන් හසාඩ් තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සහයන් කිහිපයක් දැරුව ද එම උත්සහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ප්‍රංශ දැල් රකින්නා වන නායක හියුගෝ ලෝරිස් සමත් විණි.

ඒ අනුව තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ, ගෝල 01 ට 0 ක් ලෙස ප්‍රංශයට තරගයේ ජය හිමි කර දෙමිනි.

ප්‍රංශයේ සිටිනා දිනමිණ මාන්ඩලික වාර්තාකරුගෙනි : එරට ජනතාව ලෝක කුසලාන අවසන් පූර්ව ජයග්‍රහනය සමරූ අයුරු - VIDEO


නව අදහස දක්වන්න

Or log in with...