රත්තරන් තොගයක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට | දිනමිණ

රත්තරන් තොගයක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රත්තරන් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අනූ ලක්ෂ අසූ දෙදහස් හයසිය තිහක් (1,90,82,630) කි.

හයිඩ්‍රොලික් ජංගම වාහන ඔසවනයක් තුළ සඟවා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 13 ක් බර රත්තරන් කුට්ටි සහ ස්වර්ණාභරණ තොගයක් මෙසේ සඟවා මෙරටට රැගෙන පැමිණ ඇත.

නව අදහස දක්වන්න