මත්ද්‍රව්‍ය මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල | දිනමිණ

මත්ද්‍රව්‍ය මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස වන යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩිවශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වෙයි.

 

නව අදහස දක්වන්න