අමානා තකාෆුල් ජීවිත රක්ෂණ ශාඛා අලුත් තැනක | දිනමිණ

අමානා තකාෆුල් ජීවිත රක්ෂණ ශාඛා අලුත් තැනක

පසු ගිය 20 වසරක ශ්‍රී ලාංකීය තකාෆුල් ක්‍රමවේදයේ ප්‍රමුඛයා සහ ප්‍රබලයා ලෙස කටයුතු කරනු ලබන අමානා තකාෆුල් (ATL) රක්ෂණ සමාගම දිවයින පුරා විහි දී ඇති තම ශාඛා ජාලය මගින් ගුණාත්මක හා කඩිනම් සේවාවක් නව තාක්ෂණය භාවිත කරම්න් පාරිභෝගිකයන් හට නිරත්තරයෙන් ලබාදීමට කටයුතු කරනු ලබයි. එහි තවත් එක් පියවරක් ලෙස වවුනියාව සහ මූතූර් යන ශාඛාවන් තව දුරටත් නවිකරණය කරම්න් එහි ගුණාත්මක භාවය වැඩි දියුණු කරමින් ඉතා කඩිනම් සේවාවක් පාරිභෝගිකයන් හට ලබාදීමේ අරමුණින් මේ ශාඛාවන් දෙක නව ස්ථානයන් වෙත රැගෙන යන ලදී. ඒ අනුව මේ ශාඛාවන් පාරිභෝගිකයන්ගේ භාවිතය සඳහා විවෘත කිරීම පසුගිය දා අමානා තකාෆුල් ජීවිත (ATL Life) රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපකෂ මහතා අතින් සිදුවිය.

ඒ අනුව මේ ප්‍රදේශයන්හි ජනතාව හට අවශ්‍ය ජීවිත රක්ෂණ සේවාවන් මේ ශාඛාව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව උදාවේ. මෙහි දී අදහස් දැක් වූ ATL Life සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ATL රක්ෂණ සමාගම කියලා කියන්නේ සැමට විවෘත ආයතනයක් ඔබ සිංහල/ දමිළ නැත්නම් මුස්ලිම් විය හැකියි.

ඔබ කුමන පුද්ගලයෙක් වූවත් ඔබ සැමට එක සමාන ගුණාත්මක හා විශ්වාසදායි ජීවිත රක්ෂණ සේවාවක් ලබාදිය හැකි ආයතනයක් තමයි අපේ ආයතනය. දැනටමත් වවුනියාව හා මූතූර් යන ප්‍රදේශයන්හි සියලු ජාතීන්ට අයත් පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඉතිං මං කැමතියි ඔබටත් ආරාධනා කරන්න ඔබේ පවුලට තවමත් රැකවරණයක් ගත්තේ නැත්නම් අපිත් සමඟ එක්වන්න. දැනටමත් ඔබ ප්‍රතිලාභ ලබන පාරිභෝගිකයෙක් නම් තවත් අලුත් කෙනකුට මේ ගැන කියන්න’ යනුවෙන් සියල්ලන්ට ආරාධානා කරන ලදී.

මේ අවස්ථාවට අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ, ජාතික මටිටමේ බෙදාහැරීම් පිළිබ‍ඳ නිලධාරි ආසීෆ් හමීඩ්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිමල්, ප්‍රාදේශීය කළමනාකරු නියාස්, අලෙවිකරණ අංශයේ කළමනාකරු සුමේධ මිරිහාන, මානව සම්පත් හා පරිපාලන අංශයේ කළමනාකරු තිලක් නිශාන්ත මහත්වරුන් ඇතුළු වවුනියාව සහ මුතූර් ශාඛාවල කළමනාකරුවන් සහ කලාපයේ අමානා තකාෆුල් නිලධාරීන් මෙන්ම පාරිභෝගිකයන් හා මාධ්‍ය ආයතනයන්හි විශාල පිරිසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න