Young Engineering Expo ප්‍රදර්ශනයට SLIIT සිසුහු සැරසෙති | දිනමිණ

Young Engineering Expo ප්‍රදර්ශනයට SLIIT සිසුහු සැරසෙති

අඛණ්ඩව සිවුවැනි වරටත් Young Engineering Expo 2018 ප්‍රදර්ශනය අද (11) මාලබේ පිහිටි ඉංජිනේරු පීඨ පරිශ්‍රයේ පැවැත්වීමට SLIIT ඉංජිනේරු පීඨය සැලසුම් කර තිබේ. මේ ප්‍රදර්ශනය හරහා කර්මාන්ත ලෝකය තුළ පවතින ගැටලුවලට තම නවෝත්පාදන හැකියාවන් උපයෝගී කරගනිමින් විසඳුම් සැපයීමේ අවස්ථාව SLIIT ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හදාරන පළමු වසර සිසුන්ට හිමිවී ඇත. මාධව හේරත් මහතාගේත් ඉංජිනේරු පළමු වසර සිසුන් භාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන පෙරේරා මහතාගේත් මඟපෙන්වීම යටතේ සිසුන් 250කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරන නවීන ඉංජිනේරු නිෂ්පාදන හා විසඳුම් 100කට වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදර්ශනයට ඇතුළත්ය. ප්‍රදර්ශනයට පෙර වැඩමුළුවකට සහභාගී වූ සිසුන් එහි දී රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට පුහුණු වූ අතරම තම කුසලතා මුවහත් කරගැනීමේ තරගවලට මුහුණ දෙමින් තවත් තාක්ෂණික කුසලතා රැසක් අත්පත් කරගත්හ.

තම න්‍යායාත්මක දැනුම උපයෝගී කරගනිමින් තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමට හා ක්‍රියාවට නැංවීමට තරුණ සිසුන් තුළ ඇති හැකියාව සහ විභවතාව දැකබලා ගැනීමේ අදහසින් විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෝ ද මේ ප්‍රදර්ශනය නැරැඹීමට එක්වෙති. තව ද අනාගත ඉංජිනේරුවන්ගේ අද දවසේ දක්ෂතා ඇගැයීමට පාසල් සිසුහු, සරසවි සිසුහු සහ මවුපියෝ ද සම්බන්ධ වෙති.


නව අදහස දක්වන්න

Or log in with...