අෂාන් සහ බුද්ධික කැවල්රි සුපර්ක්‍රොස් ජය ගනිති | දිනමිණ

අෂාන් සහ බුද්ධික කැවල්රි සුපර්ක්‍රොස් ජය ගනිති

ගීෂා මුණසිංහ

එස්.එල්./ ජී.ටී. කාණ්ඩයේ 3500 සී.සී.මෝටර් රථ ශූරතා තරග ඉසව් ද්විත්වයම අභියෝගයකින් තොරව ජයගත් අශාන් සිල්වා කැවල්රි සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේ දක්ෂතම රියදුරාට හිමි සම්මානය දිනාගත්තේය. එම්.එස්.කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) පළමු තරගයෙන් ප්‍රථමයා වෙමින් හා දෙවන තරගායෙන් දෙවැන්නා වෙමින් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි කුසලානය පළමු වරට තමා සතු කරගැනීමට බුද්ධික කසුන් සිල්වා සමත් විය.

පසුගිය වසරේදී ද දක්ෂතම මෝටර් රථ ධාවන ශුරයා වූ අශාන් සිල්වා පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීත් සෙසු තරගකරුවන්ට වඩා වැඩි පරතරයක් තබාගැනීමට සමත්වීම කැපී පෙනුණි.

ඔහු වේගයෙන් ඉදිරියට ඇදී යද්දී දෙවැනි ස්ථානය හඹා ගිය කෞෂාල්, කුෂාන්, සජාඩ්, උෂාන්, දිනේෂ් සහ අරවින්ද තියුණු තරගයක නිරතවූහ. සාර්ථකව තරගයේ නිරතවූ කෞෂාල් වට තුනක් පෙරමුණේ පසුවූවත් අනපේක්ෂිත ලෙස අනතුරකට ලක්වීමෙන් නැවත සුපුරුදු රිද්මයට පැමිණීමට අසමත්විය. එසැනින් පෙරමුණට පැමිණි උෂාන් සහ සජාඩ් තරගය අවසන් වනතුරු දෙවැනි හා තුන්වැනි ස්ථාන රැකගත්හ. කෞෂාල්ට හිමිවූයේ සිවුවැනි තැනය.

දෙවැනි තරගයේදිත් සිය හැකියාව සාර්ථකව ඉස්මතු කරගත් අශාන් පෙරමුණ ගනිද්දී දෙවැනි ස්ථානය සඳහා උෂාන්, කුෂාන්, දිනේෂ් සහ කෞෂාල් අතර දැඩි තරගයක් නිර්මාණය විය. කෙසේවුවත් අවසානයේදී කුෂාන් පීරිස් දෙවැනි ස්ථානය අත්පත් කරගත්තේය.

බුද්ධික කසුන් සිල්වා එම්.එස්.කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) ශූරතා පළමු තරගයෙන් ප්‍රථමයා වෙමින් හා දෙවන තරගයෙන් දෙවැන්නා වෙමින් පසුගිය වසරේ ඉවොන් බියාජි හිමිකරගත් දක්ෂතම ධාවකායට හිමි කැවැල්රි යතුරුපැදි ශූරතාව දිනා ගැනිමට සමත්විය. එසේවුවත්දිනයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගනිමින් යතුරුපැදි තරග ඉසව් 3ක් ජයගැනිමට ඉවෝන් බියාජී ගුරුසිංහ සමත් විය.

175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) ශූරතා පළමු තරගයෙන් බුද්ධික ජයගත්තේ සමීරගෙන් හා ඉවොන්ගෙන් මෙන්ම ගයාන්ගෙන් ද තියුණු අභියෝගයක් එල්ල විය. තරග ආරම්භයේ සිටම පෙරමුණ ගත් සමීර ප්‍රේමරත්න වට අටකින් සමන්විත තරග ඉසව්වේ පළමු වට 6 යන තුරු පෙරමුණේ පසු විය. එහෙත් ඒ වටයේ අවසානයේ ගුවනේ අවසන් පිම්මේදී සමීර අභිබවා යමින් බුද්ධික පෙරමුණට පැමිණියේය. අනතුරුව තරගය අවසන් වන තුරු බුද්ධික පෙරමුණේ පසුවිය.

දෙවැනි තරගයේදී ඉවොන් බියාජි ගුරුසිංහ ඉතාමත් තියුණු තරග ආරම්භයක් ලබාගනිමින් පෙරමුණේ පසුවුවත් දෙවන තරගයේ පස්වන වටයේදී ද සිදුවු අනතුර නිසා සිව්වන ස්ථානය තෙක් පසු බැසීමට සිදුවිය. නමුත් නැවත තරගයට පිවිස ක්‍රමයෙන් ගයාන් සමීර බුද්ධික පසුකර යමින් දෙවැනි තරගය ජයගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව සියැට් කැලණි ටයර් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව 8වැනි වරටත් සංවිධාන කළ කැවල්රී සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය පසුගිය දා කුරුණැගල පාන්ගොල්ල අයන්සයිඩ් ධාවන පථයෙදී නිමාවට පත් විය. “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස් 2018” මෝටර් රථ හා යතුරුපැදි තරග මාලාවේ තුන්වැනි අදියර ලෙස පැවැති මේ තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 12ක් හා යතුරුපැදි තරග ඉසව් 12ක් ඇතුලත්විය.

මෝටර් රථ තරග කාණ්ඩයේ කණ්ඩායම් ශූරතාව සියැට් කණ්ඩායම විසින් දිනාගත් අතර යතුරුපැදි කණ්ඩායම් ශුරතාව හොන්ඩා කණ්ඩායමට හිමිවිය.

තරගායලිය අතර තුර මෝටර් රථ තරග ඉසව් වලදී මෙන්ම යතුරුපැදි තරග ඉසව් වලදීද අනතුරු සිදු වු අතර යතුරුපැදි තරග ඉසව්වකදී සිදුවු දරුණු අතතුරකින් දිල්ෂා කෙවිටියාගල රෝහල් ගත කිරිමට සිදුවිය.

 


නව අදහස දක්වන්න

Or log in with...