චෝදනා ලැබූ රුධිර මධ්‍යස්ථානයේ වැ.බ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරලා | දිනමිණ

චෝදනා ලැබූ රුධිර මධ්‍යස්ථානයේ වැ.බ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරලා

සිතාරා සේනානි, චමීර ඇල්ලදෙණිය

චෝදනා එල්ලව සිටි ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම වෛද්‍යවරයා අදාළ තනතුරට පත් කළේ තමන් නොවන බව ද ඇමැතිවරයා කීය. ඔහු මාධ්‍ය අල්ලාගෙන අසත්‍ය චෝදනා එල්ල කර තිබූ බව කී ඇමැතිවරයා, තම සහෝදරයා සම්බන්ධයෙන් කර තිබූ එවැනි චෝදනාවක් පිළිබඳ තමන් ඔහුගෙන් විමසූ එවැන්නක් නොකියූ බව ඔහු ප්‍රකාශ කළ බව ද පැවැසීය. තමන් කිසි දිනෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් සම්බන්ධයෙන් බලපෑම් නොකළ බව කී ඇමැතිවරයා, ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා තනතුරෙන් ඉවත්ව යද් දී ද පවසා තිබූ බව ද සිහිපත් කළේය.

නව අදහස දක්වන්න