HNB සහ හිල්ටන් හෝටල් පිහි­ණුම් තටාක පරි­ශ්‍රයේ දී FIFA කුස­ලාන උණු­සුම ලබා දෙයි | දිනමිණ

HNB සහ හිල්ටන් හෝටල් පිහි­ණුම් තටාක පරි­ශ්‍රයේ දී FIFA කුස­ලාන උණු­සුම ලබා දෙයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී වාණිජ බැංකුව වන HNB හිල්ටන් හෝටල් පිහිණුම් තටාක පරිශ්‍රයේ දී සහ Il Ponte අවන්හලේ දී FIFA ලෝක කුසලාන උණුසුම සිය පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන ඇත. මේ සඳහා හිල්ටන් හෝටල් පරිශ්‍රය පාපන්දු ලෝක කුසලාන අසිරිය විඳ ගැනීම සඳහා අලංකාරවත් කර ඇත. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාව තුළ HNB ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට හිල්ටන් හෝටල් පිහිනුම් තටාක පරිශ්‍රයේ සහ අවන්හලේ දී විශේෂ වට්ටම් හිමි වනු ඇත. 6 දෙනකුගෙන් සමන්විත පිරිසක් සඳහා ඇතුළත්වීමේ ගාස්තුව වශයෙන් එක් අයකුට රුපියලක මුදල් සහ මේ ස්ථානයන්හි දී ලබා ගන්නා ආහාර පාන සඳහා HNB ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කිරීමෙන් 10ක වට්ටමක් ද ලබා ගත හැකි වනු ඇත.

‘ශ්‍රී ලාංකිකයන් ස්වභාවයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලැඳි ජන වර්ගයක් වූවද ලෝක මට්ටමේ විශේෂ ක්‍රීඩා උත්සව පැවැත්වෙන විට එම ක්‍රීඩාවන් වෙත විශේෂ අවධානය යොමු කිරීමටත් ශ්‍රී ලාංකිකයන් අමතක කරන්නේ නැහැ. මේ නිසාම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ද අපගේ පාරිභෝගිකයන්ට සතුටු වීමට විශේෂ අවස්ථාවක් සලසනවා. පාපන්දු ලෝක කුසලානය උණුසුම ලබාදීම සඳහා හිල්ටන් හෝටලය උත්කර්ෂවත් ලෙස අලංකාරවත් කළ හිල්ටන් හෝටල් කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය හිමිවෙනවා.’ යනුවෙන් HNB කාඩ්පත් අංශයේ ප්‍රධානී රොෂාන්ත ජයසූරිය මහතා පැවැසීය.

 

නව අදහස දක්වන්න