යාල එළි­ෆන්ට් රීච් වෙතින් 50%ක දැවැන්ත වට්ට­මක් | දිනමිණ

යාල එළි­ෆන්ට් රීච් වෙතින් 50%ක දැවැන්ත වට්ට­මක්

යාල එළිෆන්ට් රීච් හෝටලයේ 13 වැනි සංවත්සරය නිමිත්තෙන් දේශීය සංචාරකයන් සඳහා 2018 ජූලි 31 වැනිදා දක්වා 50%ක විශේෂ වට්ටමක් පිරිනැමීමට කළමනාකාරිත්වය තීරණය කර ඇත. යාල අභය භූමිය නැරැඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතර එළිෆන්ට් රීච් හෝටලය අතිශය ජනප්‍රියය. යාල අභය භූමිය ආසන්නයේම කිරින්ද ප්‍රදේශයේ පිහිටා ඇති එළිෆන්ට් රීච් හෝටලයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි කාමර 14ක් සහ කබානා 21ක් ඇත. එසේම දේශීය සහ බටහිර හා පෙරදිග රසයට පිසින ආහාර වර්ග රැසකින් සපිරි අවන්හලකින්, අලංකාර පිහිනුම් තටාකයකින්, නිදහස් හරිත උද්‍යානයකින් සහ ළමා උද්‍යානයකින් එළිෆන්ට් රීච් හෝටලය සමන්විතය. යාල අභය භූමිය නැරැඹීම සඳහා යාමට අමතරව, කතරගම පූජා භූමිය, උඩවලව වනෝද්‍යානය, බූන්දල වනෝද්‍යානය, තිස්සමහාරාම විහාරය, කිරින්ද විහාරය වැනි ස්ථානවලට ඉතා කෙටි වෙලාවකින් ළඟා විය හැකි කේන්ද්‍රස්ථානයක මේ දැකුම්කලු හෝටල් සංකීර්ණය පිහිටා තිබේ.

‘මුදලට වඩා අපි මුල්තැන දෙන්නේ සංචාරකයන්ගේ වින්දනය සහ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා. එළිෆන්ට් රීච් හෝටලයට පැමිණෙන සංචාරකයන් මුහුදු වෙරළේ කෑම ගනිමින් ඒ ආසන්නයේ රැයක් ගත කරන්න කැමතිනම් අපි එම අවස්ථාව ඔවුන්ට ලබා දෙනවා. යාල අභය භූමියට ආසන්න වෙරළේ අප සතුව ‘බීච් කෑම්ප්’ එකක් තිබෙනවා. කෑම බීම ඇතුළු සියලු පහසුකම් එහි තිබෙනවා. මෙවැනි අත්දැකීමක් සංචාරකයන්ට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.’ යාල එළිෆන්ට් රීච් හෝටලයේ නේවාසික කළමනාකරු දිනේෂ් දසනායක මහතා එසේ පැවැසීය. ලංකා හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් සමාගමට අයත් මේ සොඳුරු පාරාදීසය පිළිබඳ www.elephantreach.com වෙබ් අඩවියෙන් ද සියලු විස්තර ලබා ගත හැකිය.


නව අදහස දක්වන්න

Or log in with...