පෙට්ලාස් ටයර් අනු­ග්‍ර­හය දැක් වූ නීල් සහ මනුර ෆොක්ස්හිල් සුප­ර්ක්‍රොස් ජය ගනිති | දිනමිණ

පෙට්ලාස් ටයර් අනු­ග්‍ර­හය දැක් වූ නීල් සහ මනුර ෆොක්ස්හිල් සුප­ර්ක්‍රොස් ජය ගනිති

පසුගිය දා දියතලාවේ දී පැවැති ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් 2018 ධාවන තරගාවලියේ දී SL- E MINI 1275CC 1275 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය පෙට්ලාස් ටයර් අනුග්‍රහය දැක් වූ නීල් වීරසිංහ විසින් දිනා ගන්නා ලදී. SL- E Ford Laser 1300CC සහ 1300CC කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා ලද්දේ පෙට්ලාස් ටයර් අනුග්‍රහය දැක් වූ මනුර වන්නිආරච්චි විසිනි. නුවරඑළියේ, බ්ලැක්පූල්හි පැවැති මහගස්තොට කඳු නැ‍ඟීම තරගාවලියේ දී SL-E Ford Laser/ Mazda 323 1300CC 323 1300 කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තේ ද මනුර වන්නිආරච්චිය.

ඉදිරියේදීත් පෙට්ලාස් ටයර් අනුග්‍රහය යටතේ තවත් ජයග්‍රහණ ලබා ගැනීම තම බලාපොරොත්තුව බව කණ්ඩායම් නායක මනුර වන්නිආරච්චි මහතා පවසයි. දශක හතරකට ආසන්න කාලයක් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරන පෙරේරා ටයර් සර්විස් පුද්ගලික සමාගම ගුණාත්මක බවින් වැඩි ලාබදායී සුරක්ෂිත ටයර්, ටියුබ්, ඇලොයිවීල් යනාදිය වෙළෙඳ පොළට සපයයි. ඒ අතරින් පෙට්ලාස් ටයරයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඉදිකිරීම් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ යන්ත්‍ර සූත්‍ර හා බර වාහන මෙන්ම කාර්, වෑන් හා අනෙකුත් මගී ප්‍රවාහන වාහන සඳහා වන ටයර් අතර ප්‍රමුඛයා ලෙස පෙට්ලාස් ටයරය ප්‍රසිද්ධියක් උසුළයි. තාක්ෂණයෙන් හා ගුණාත්මකභාවයෙන් පරිපූර්ණ පෙට්ලාස් ටයරය තුර්කියේ නිෂ්පාදිත මනරම් කට්ට රටාවකින් යුත්, දිගු ගමනකට හා ඕනෑම මාවතකට ඔරොත්තු දෙන විශිෂ්ට ටයරයකි. Petlas Progreen PT525, Imperium PT535, Velox Sport PT7 ඉතා සුරක්ෂිතව අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි සැප පහසුව ගෙන දෙයි.


නව අදහස දක්වන්න

Or log in with...