පුලියන්කුලම බස්-ලොරි ගැටුමට හේතුව අධික වේගය | දිනමිණ

පුලියන්කුලම බස්-ලොරි ගැටුමට හේතුව අධික වේගය

වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ දී පසුගිය 11 දින අලුයම බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් හය දෙනකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ‍බස් රථයක් වවුනියාව සිට කිලිනොච්චිය දෙසට ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. වවුනියාව පුලියන්කුලම 198 කණුව ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බව ද පොලිසිය සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් සුළු පිරිසක් ගමන්කොට ඇති බැවින් තුවාල ලැබූවන් ප්‍රමාණය අඩුව ඇති අතර, බස් රථයේ මඟීන් පිරී සිටියේ නම් තත්ත්වය බරපතළ වන බව ද පොලිසිය සඳහන් කළේය. පොලිසිය පැවසූවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි. පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


නව අදහස දක්වන්න

Or log in with...